අපි හිතලා රට හදමු යන අප සංවිධානයල සමාජය නවීකරණය සඳහා නිර්මාණය වු සමාජමය සංවිධානයකිග එමඟින් හොඳ රටක් මෙන්ම සංවර්ධිත රටක් කරා යන ගමනට ජනතාව හැඩගැස්වීම්යි. අප සංවිධානය මඟින් හඳුන්වාදීමට බලාපොරොත්තු වන්නේ ධනාත්මක සංවර්ධනයක් කරා අප රට යොමු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීමයි. මෙම කාර්යය කිරීමේ දී අප උත්සහ කරනුයේ සමාජයේ පහළ ස්ථරය වන සාමාන්‍ය මහජනතාවගේ සිටි සමාජ ව්‍යුහයේ ඉහළ නායකත්වය තෙක් සමාජය නවීකරණය සඳහා මෙහෙයවීමයි. ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීමක් ලබාදීම අපගේ අරමුණයි. එහිදි පුද්ගලයා තුළින්ම රට සංවර්ධනය සඳහා පෙළඹවීමක් ඇති කරලීමට අපගේ අභිප්‍රායයිග එවිට ශ්‍රී ලංකාව හොඳ රටක් මෙන්ම සංවර්ධිත රටක් කරා යන මාවත කඩිනම් වනු ඇත.
මෙලෙස නව ක්‍රියාමාර්ගයන් නිර්මාණයේදී අප සංවිධානය තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් යටතේ නව්‍යකරනය වු අදහස් සමාජයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම ක්ෂේත්‍ර වනුයේ පුද්ගල ආරක්ෂාව, පුද්ගල හැඳියාව, ආර්ථිකය, විද්‍යාව හා තාක්ෂණය, සමාජ නව්‍යකරණ අදහස්, කාර්මීක සහ කලාව යන අංශයන් යග එසේම මෙම ප්‍රධාන අංශයන් යටතේ අනු කොටස් 17ක් පිළිබඳව නව්‍යකරණයවු ක්‍රියාමාර්ගයන් ඉදිරිපත් කිරීමට නියමිතයි. අපි හිතලා රට හදමු යන අප සංවිධානය තනි පුද්ගල සංවිධානයක් නොවේ. සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම විවෘත වු ස්වාධීන මෙන්ම ස්වෙච්ඡාමය සංවිධානයකි. එසේම අපි හිතලා රට හදමු යන අප සංවිධානය දේශපාලනමය සංවිධානයක් හෝ දේශපාලන මඟපෙන්වීමක් යටතේ ක්‍රියාත්මක වන සංවිධානයක් ද නොවන බව අවධාරණයෙන් සඳහන් කරන්නෙමු. අප ඉහත පෙන්වා දුන් ක්ෂේත්‍රයන් සඳහා උනන්දුවක් හෝ එම ක්ෂේත්‍ර සඳහා විශේෂඥ දැනුම් ඇති පුද්ගලයින් සිටී නම් ඔබගේ දායකත්වය අපි අපේක්ෂා කරමු. විදේශගතවී සිටින රටට හිතේෂී ලාංකීකයින්ගේ අදහස් මෙන්ම අත්දැකීම් ද අපි අපේක්ෂා කරමු. එසේම එම පුද්ගලයින්ට අප සංවිධානය තුළ නායකත්වය ගෙන කටයුතු කිරීමට ද අවස්ථාව පවති. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරන අතර ඔබගේ දායකත්වය අපි අගය කොට සළකමු. අප සැමදෙනා ජීවත්වන මේ පුංචි මුතු ඇටය සාධනීය ලෙස තව තවත් ඔප දැමීමටල අපි හිතලා රට හදමු යන අප සංවිධානය හා එක්වන ලෙස ඔබ සැමට ආරාධනා කරමු.
නවතම ප්රවෘත්ති
උසස්පෙළ කරන සිසුන්ට නොමිලේ ආදර්ශ බහුවරණ ප්‍රශ්නපත්
දේශීය හා විදේශීය පාරිභෝගිකයන් නියමිත ප්‍රමිතියෙන් යුතු ආහාර අතිරික්ත එකලස් කිරීමෙ කර්මාන්ත නිර්මාණය කල යුතුය. ගොවියාට විශ්වසනීය ස්ථීර ආදායමක් ලබා ගැනීමට ඇති හැකියාව සහ පාරිභොගිකයාට තත්වයෙන් ඉහළ ආහාර පරිභෝජනය කර ගැනීමට ඇති හැකියාව මෙවැනි කර්මාන්ත ගොඩ නැගීමෙන් තුලින් ලබා ගතැහැ හැක. එබැවින් මෙවැනි කර්මාන්ත ගොඩ නැගිමට රාජ්‍ය හා පෞද්ගලික අංශ දිරිගැන්විමට ආරාධනා කරමු.
ඇයි අපි මේ මොහොතේ “WeChat pay” හෝ ඒ හා සමාන ගෙවීම් ක්‍රම සඳහා නොයන්නේ ???
ජංගම යෙදුමක් බොහෝ විට යෙදුමක් ලෙස හැඳින්වේ. චීනයේ රැඳී සිටින පුද්ගලයින් WeChat Pay යෙදුම භාවිතා කරමින් එදිනෙදා ගෙවීම් කරති. එය විකල්ප ආරක්ෂිත ක්‍රමයකි. එය අතින් මුදල් ගෙවීම වෙනුවට ය. WeChat Pay හරහා ඔබට සියලුම පොදු සේවාවන් සඳහා අත්‍යවශ්‍යයෙන්ම ගෙවිය හැකිය. සමුර්දි හිමියන්ගේ ගෙවීම් රජය, නොබැඳි සාප්පු සවාරි, මාර්ගගත සාප්පු සවාරි, බැංකු මාරු කිරීම, ජංගම දුරකථන සැලැස්ම, නිවාස උපයෝගිතා, ඖෂධ සහ තවත් බොහෝ දේ මෙයට ඇතුළත් ය.
දැක්ම (Vision)
යහපත්, ගුණගරුක, සෞඛ්‍ය සම්පන්න ජවයකින් පිරුණු මහජනතාවක් මගින් රට සංවර්ධනය කිරීම.
මෙහෙවර ප්‍රකාශය (Mission)
රටක ජීවනාලීයේ ප්‍රධාන පුරුක පුරවැසියාය. පුරවැසියා තමා සතු දක්ෂතාවන් හැකියාවන් උපයෝගිකර ගනිමින් රටේ සංවර්ධනයට දායක කරගත යුතුවේ. ˝පුරවැසියා තමා නියැලෙන වෘත්තීය, ජීවත් වන සමාජ වපසරිය තුළ නිසි ආකාර හැඩගැස්වීමක් සිදුකිරීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම අපගේ සංවිධානයේ ප්‍රධාන මෙහෙවරයි.˝එනම් පුද්ගලයාගේ ආර්ථික සහ සාමාජීය සංවර්ධනය රටේ සංවර්ධනයට දායක කර ගැනීමයි.
ඉලක්ක සහ අරමුණු Goals & Objectives
- මහජනතාව තමා ජීවත්වන සමාජ වපසරිය තුළ ආරක්ෂිතව ජීවත්වීම ට ඇති හැකියාව වැඩිදියුණු කිරීම (Personal security)
- මහජනතාවගේ පෞද්ගලික හැදියාව දියුණු කිරීම (Personal Discipline)
- අධ්‍යාපන ක්‍රමය රැකියා වෙළදපලට, සංස්කෘතික අනන්‍යතාවට සහ ගෝලීයකරණය තුළ දී නෙපසුබට ලෙස වැඩකටයුතු කිරීමට හැකි වන ලෙස සංවර්ධනය කිරීම.
- නීරෝගීව ජීවත්වීමට හැකි ආහාර රටාවන් දියුණු කිරීම, ව්‍යායාම්වල නිරත වීම සහ දියුණු ක්‍රමවේද තුළින් කාර්යක්ෂම සහ නිවැරදි නිර්ණයන් තුළින් රෝගීන් සුවකිරීමට පුද්ගලයා, රාජ්‍ය සහ පෞද්ගලීක අංශ උනන්දු කර වීම.
- ආර්ථිකය දියුණු කිරීමට නව උපාය මාර්ග සෙවීම සදහා රාජ්‍ය ආයතන / පෞද්ගලික ආයතන උනන්දු කිරවිම (Economy growth)
- සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම (Development of Tourism)
- විධිමත් සහ ක්‍රමවත්ව කෘෂිකර්මාන්තය සංවර්ධනය මගින් ආහාර නිපදවීම හා ගබඩා කිරීම නිවැරදිව සිදුකරමින් ඒ ආශ්‍රිත අනෙකුත් නිශ්පාදන ගුණාත්මක කිරීම. (Agricultural Development)
- අලෙවිකරණය සහ කළමනාකරණය අන්තර්ජාතික මට්ටමට ගෙන ඒම සහ ඒ තුළින් දේශීය නිශ්පාදන හා කර්මාන්ත ලෝකය ඉදිරියේ ජයගැනීමට සැලැස්වීම (Marketing)
- ගමනාගමනය කාර්යක්ෂම මෙන් ම දුෂණයෙන් තොරව විධිමත් කිරීම (Transportation)
- විද්‍යාව සහ තාක්ෂණය සංවර්ධනය කිරීම (Science & Technology)
- කාර්මික ක්ෂේත්‍රයට දැනුම ලබා දී පවතින කර්මාන්ත හා නව කර්මාන්තවලට අවශ්‍ය කාර්මිකයින් පුහුණු කළ යුතු ආයතන සහ උපදෙස් දිය හැකි විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් හදුනා ගෙන සහභාගි කරවීම.
- Field of Construction
- power and Electrical
- පිරිපුන් කලාවක් හා නිවැරදි භාෂා ශෛලියක් රට තුළ බිහි කිරීම.
- නීතිය නවීන සමාජයට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම